හෙට දිවයින පුරා සියලු පාසල් වැසෙයි?..යළි කරන්න යන දේ ගැන දැනුම්දීමක්..

Report

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බව පවසමින්.

පෙරේදා (02) දිනයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි, ඔවුන් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයෙන් සතුටුදායක ආරංචියක්..

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයෙන් සතුටුදායක ආරංචියක්..


ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ එනම් හෙට(05) දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බල කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත විය.

මේ අතර, ඔවුන් ඊයේ දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුනා.

නානකොට මේ දේ කරන්න එපා..එහෙම කලොත් වෙන දේ මෙන්න..

නානකොට මේ දේ කරන්න එපා..එහෙම කලොත් වෙන දේ මෙන්න..


එමෙන්ම පසුගිය (01) වෙනිදා ඔවුන් පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක ද නිරත විය.

කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවයි.