ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු ගහපු ගේමක් මාට්ටු වෙයි...

Report

ව්‍යාපාරිකයෙකුට එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ මාධ්‍යවේදිනියක් අවසන් ගමන් යයි..

ලංකාවේ ජනප්‍රිය ප්‍රවීණ මාධ්‍යවේදිනියක් අවසන් ගමන් යයි..


මෙලෙසඅත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් බවටයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපාරිකයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා ව්‍යාපාරිකයාගේ සමීපතම මිතුරෙකු වන බවටයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම ව්‍යාපාරිකයා හෝටල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ හෝටලයෙන් ඉවත් කරන ලද එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ තොගයක් අදාළ උපකාරක පන්ති ගුරුවරයාට විකුණා තිබේ.

ගුරුවරයා විසින් ඒ සඳහා චෙක්පත් ලබා දී ඇති අතර දිගින් දිගටම ඒවා අගරුවීම නිසා ව්‍යාපාරිකයා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.