තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙක් මිය යයි

DAMBULLA SHOT MARI ARAVA DABAGALLA MUTHUKANDIYA
By Sewvandhi Nov 13, 2021 01:51 AM GMT
Report

දඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව ප්‍රදේශයේ දී බඳින ලද තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මිය ගිය සිදුවීමක් වාර්තා වෙනවා.

තුවක්කුව පත්තු වීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දඹගල්ල රෝහලට ඇතුළත් කිරීමේදියි මිය ගොස් ඇත්තේ. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35ක මාරිඅරාව - දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මිය ගිය පුද්ගලයා මුතුකණ්ඩිය වැවේ මසුන් ඇල්ලීම සඳහා මුතුකණ්ඩිය රක්ෂිතය මැදින් ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

මෘත ශරීරය දඹගල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, තුවක්කුව බඳින ලද පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

---------------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO....

මේ අම්මට බැනපු අය අහන්නම ඕනි ක‍තාවක්..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW