සුපිරි හෝටලය ගෙදර වගේ පෙන්වන්න ගිහින් සිදු වු ඇබැද්දිය..ලැජ්ජාව වහ ගන්න ලිස්සලා ගිහින්..

By Sewvandhi Jan 11, 2022 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තරු පහේ හෝටල් තමාට නිවෙස මෙන් යයි සහෝදර සේවකයන්ට පෙන්වීමට ගිය අයකුට වූ අලි ඇබැද්දියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබෙනවා. ආයතන සමූහයේ දෙදින නේවාසික වැඩමුළුවක් පැවැතියේ තරු පහේ හෝටලයකය.

අග නගරයේය.  ඔහු ද එම වැඩමුළුවට තෝරාගෙන සිටියේය. එය ඔහුට ඉහේ මලක් පිපුණාක් මෙන් විය.  සිය නෑ හිතවතුන්ට ඔහු මේ බව දැන්වූයේ ඉමහත් සතුටෙනි. වැඩමුළුව ආරම්භ කෙරිණ. ආරම්භක දිනයේ දවස පුරාම වැඩමුළුව පැවැතියේය. 

එනිසාම කිසිවකුටත් තමාට වෙන්කර තිබූ හෝටල් කාමරයට යාමට නොහැකි විය. වැඩමුළුව රාත්‍රී කාලය වන තෙක්ම පැවැතියේය.  රාත්‍රී කෑමට පෙර ඇඟ රත්වෙන ඒවාද අඩුවක්ව නොතිබිණ. හේ කන පැලෙන තරමටම බිව්වේය. 

එමෙන්ම බඩ පැලෙන තරමටම කෑවේය. තමාට වෙන් කෙරුණු හෝටල් කාමරය වෙත ඔහු යනවිට මධ්‍යම රාත්‍රිය ද ආසන්න වෙමින් තිබිණ. 

තමාට දුන් කාඩ්පත උපයෝගී කරගෙන හෝටල් කාමරයේ දොර විවෘත කර ගත්තේය.  ඊළඟට කාමරයේ බිත්ති අත ගගා ඔහු බැලුවේ විදුලි පහන් දල්වන යතුරුය. 

කොතරම් බිත්ති අතගෑවත් ඒවා ඔහුට බිත්තිවල දක්නට නොලැබිණ.  කෙළින් සිටගෙනවත් ඉන්න බැරි තරම්ම අමාරුවෙන් සිටි ඔහු විදුලි පහන්වල යතුරු සොයා බිත්ති අත ගගා යනවිටදී ඇඳේ කකුලක ඔහුගේ කකුලක් පැටලී ඇඳ විට්ටමේ හිස වැදුණේය.

හිස තුවාල වී ලේ ගලමින් තිබිණ. ලජ්ජාව පසෙක දමා අල්ලපු කාමරයේ සිටින සහෝදර සේවකයකුගෙන් කාමරයේ විදුලි පහන් දන්වන යතුරු ගැන විමසුවේය.  ඔහු පැමිණ දොර විවෘත කිරීමට දමා තිබූ කාඩ්පත ගෙන දොර ආසන්නයේ තිබූ ස්ථානයකට රිංගුවේය. 

දෙයියෝ සාක්කි! එවිට මුළු කාමරයේම විදුලි පහන් මෙන්ම විදුලි පංකා ද ක්‍රියාත්මක විය. ඔහුට පුදුමය. සහෝදර සේවකයන් ඉදිරියේදී ඔහු හැසුරුණේත් කීවේත් තරු පහේ හෝටල් භාවිතය තමාට නිවස මෙන් බවය. 

එය මුසාවක් බව මිතුරන් හැමදෙනා අතරම වැඩි වේලාවක් යන්නට කලින් පැතිර ගියේය. නළල් තලයේ දමා තිබූ ප්ලාස්ටරය ගැන විමසන්නන් ඉදිරියේදී ඔහු ලිස්සා ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha