දේශබන්දුගෙන් දීර්ඝ පාපොච්චාරණයක්

Report

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ වැඩ කටයුතු කරන කාල සීමාවේ දී සිදු කෙරූ  අනීතික වැඩ කටයුතු හේතුවෙන් ඔහුට විරුද්ධව චෝදනා රැසක් එල්ලවිය.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඒ අනුව මාතර හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියත් ප්‍රධාන වේ.මේ පිළිබඳ අදහස් දක්වන ඔහු සඳහන් කළේ W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් තමාට නොතිබූ බවත් මේ සියලු චෝදනා දේශපාලනික උවමනා බවත් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද සඳහන් කළේය.

ලක්ෂයකට කුකුළෙක්

ලක්ෂයකට කුකුළෙක්

ඒ ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු කමිටුව හමුවේ පළමු වරට අද පෙනීසිට සාක්ෂි ලබාදෙමින්ය. ධුරයේ රාජකාරි කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු කමිටුව අද 10 වැනි දිනයටත් පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී රැස්වුණි. චෝදනා එල්ලව ඇති දේශබන්දු තෙන්නකොන් මහතා අද පළමුවරට කමිටුවේ පෙනීසිට සාක්ෂි ලබාදුනි. ප්‍රථමයෙන්ම ඔහුගෙන් ප්‍රශ්න කළේ ඔහුගේ නීතීඥ එස්.වීරවික්‍රම මහතාය.

නීතීඥවරයා තවදුරටත් ප්‍රශ්න කලේ W15 හෝටලයට වෙඩි තැබීම සඳහා ඔබට යම් වුවමනාවක් පවතියාද යන්නයි. ඊට දේශබන්දු මහතා පිළිතුරු ලබාදුන්නේ

"මම එම හෝටලයේ අයිතිකරු කවුද කියලාවත් දන්නේ නැහැ. මට ඒ වගේ කිසිම අවශ්‍යතාවක් නැහැ. පුළුවන් නම් ඒ හිමිකරු හොයාගෙන අහන්න මාත් එක්ක පුද්ගලික තරහක් තිබ්බාද කියලා. මේක මාව මේ තනතුරෙන් ඉවත් කරන්න දේශපාලනිකව කරපු දෙයක්. මාව දින 20ක් බන්ධනාගාරගත කරලා තිබ්බා. මම මෙට්ටයක්වත් ඉල්ලුවේ නැහැ. මම මේ කමිටුව විශ්වාස කරනවා. මට සාධරණයක් වේවි.ඒ වගේම මේක ඉතිහාස ගතවේවී."

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු විමසුවේ CCD නිලධාරින් කවුරුත්ම එදා නිල ඇඳුමකින් ගියේ නැත්තේ? ඇයි යන්නයි ඊට පිළිතුරු ලෙස සාක්ෂිකරු

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

වයස අවුරුදු 86යි භූගත බංකරයක සිටිනවා - අයතොල්ලා අලි ඛමෙනිට විරුද්ධව ප්‍රකාශයක්

''මොකක් හරි උපක්‍රමයක් වශයෙන් ඔවුන් එහෙම ගියාද දන්නේ නැහැ. ඒක ඔවුන්ගෙන්ම තමයි අහන්න ඕනේ. නමුත් මම නම් කිව්වේ නැහැ ඔක්කොම සිවිල් යන්න කියලා''

යනුවෙන් පිළිතුරු ලබාදුන්නා