උඩු ගුවනේ දී සුවිසල් ගුවන් යානයක් භයානක අනතුරකට ලක් වෙලා.. මගීන් රැසක් ඒ වෙලාවේ එහි.. (PHOTOS/VIDEO)
අද (21) ගුවනේ දී ලන්ඩන්-සිංගප්පූරු ගුවන් යානයක් කැළඹීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම සිදු වීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS)
රොයිටර් බෝයිං 777 නම් එම යානය ආරක්ෂිතව බැංකොක් වෙත ගොඩ බස්වා ඇති අතර ලන්ඩනයේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වේ.
මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත්තේ එරට වේලාවෙන් 15:45 ට පමණ වේ.
එම ගුවන් යානය බෙංගාල බොක්ක තරණය කිරීමෙන් පසු එහි ගමන් කරන උන්නතාංශයේ සිට මිනිත්තු කිහිපයකින් අඩි 6,000 (මීටර් 1,800) පහළ බැස ඇති බව වාර්තා වේ.
ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)
එහි මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට ඇති බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් එක් මගියෙක් පවසා ඇත්තේ යානය හදිසියේම "ඉහළට ඇලවීමට පටන් ගත් බවත් සෙලවුණ" බවත් ය.
වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,
.