කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS)

Iran Accident Latest Headlines Raisi Helicopter Crash
By krishani May 21, 2024 10:10 AM GMT
krishani

krishani

Report

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ඇතුළු පුද්ගලයන් 9 දෙනකු ගමන් ගත් යානය අනතුරට ලක් වී ඔවුන් ජීවිතක්ෂයට පත් විය.

කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS) | The Accident That Killed The Iranian President

ඒ අනුව හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වීමෙන් පසු ඔවුන් සමඟ ගමන්ගත් ප්‍රධාන පූජකවරයකු වන හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් පැය 18ක පමණ කාලයක් ජීවතුන් අතර සිට ඇති බව වාර්තා වේ.

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..


එම කාලය තුළ එම පූජකවරයා ජනාධිපති කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබා දීමට දැඩි උත්සාහයක නිරත වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ මෙහෙයුම් කණ්ඩායම් අදාළ ස්ථානය වෙත ළඟා වන විට ද ඔහු ජීවතුන් අතර සිට තිබෙනවා.

කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS) | The Accident That Killed The Iranian President

ඉන් අනතුරුව පැයකට පමණ පසු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරක් බවට මූලික පරීක්ෂණයේ දී වාර්තා විය.

මෙම අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට ඉරානය තීරණය කරන්නේ නම් ඒ සඳහා සියලු ආකාරයෙන් සහාය වීමට ඉදිරිපත් වන බව රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජියෝ ෂොයිගු සඳහන් කර තිබෙනවා.

කවුද මේ ඉරාන ජනපති ගමන් ගත් යානයේ හිටිය ජූජකයා?. පැය ගාණක් කළ දෙයක් ගැන ඇහෙන අමුතුම විදිහේ දෙයක් එළියට..(PHOTOS) | The Accident That Killed The Iranian President

මේ අතර, හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අදින් ආරම්භ විය.

ඉරාන - අසර්බයිජාන දේශ සීමාවේ වාරි ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් යානාව නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්ත කඳුකර කලාපයේදී අනතුරකට ලක් විය.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)


ජනාධිපතිවරයා ඇතුළුව එහි ගමන්ගත් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කරගැනුනේ ඊයේ (20) දිනයේ දී වේ.