ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO)

Iran Accident Ebrahim Raisi Iran President Helicopter Crash
By krishani May 19, 2024 06:16 PM GMT
krishani

krishani

Report
යාවත්කාලීන වූ තොරතුරු:- 

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

ඒ සම්බන්ධයෙන් ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ එම තත්ත්වය එතරම් "‍යහපත්" මට්ටමක නොවන බවයි.

-------------------------------------------------

හෙලිකොප්ටරයේ බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හමු වෙලා..

ඉරාන ජනාධිපති රයිසි රැගත් හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

මේ බව හඳුනාගෙන ඇත්තේ තුර්කි ඩ්‍රෝන් මෙහෙයුමකින් ය.

ඉරාන බලධාරීන් සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.

එම අනතුර සිදුවෙන අවස්ථාවේ ඉරාන ජනපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමග තවත් පරිවාර හෙලිකොප්ටර් යානා දෙකක් ආරක්ෂාව සපයමින් ගමන් කර තිබෙනවා.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

එම හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ඉරානයේ ටබ්රිස් නම් ගමනාන්තය වෙත පැමිණ තිබෙනවා.

නමුත් මේ මොහොත වනවිටත් ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් කල හෙලිකොප්ටර් යානය පැමිණ නොමැති බව වාර්තා වේ.

ඉදිරි දිනයන්හි විය හැකි භයානක තත්ත්වයක් ගැන රටටම දැනුම්දීමක් මෙන්න..

එහෙත් ඉරාන රජයෙන් නිල වශයෙන් හෙලිකොප්ටර් යානය සොයාගැනීම සම්බන්ධව නිශ්චිත නිවේදනයක් නිකුත්ව නොමැත.

මෙයට සතියකට පෙර උමාඔය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමටද ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තවමත් සොයාගැනීමේ මෙහෙයුම් කටයුතු නොකඩවා ක්‍රියාත්මක වෙමින් පවති.

-------------------------------------------------

ඉරානයම කලබල වෙලා.. ජනපති සොයා අස්සක් මුල්ලක් නෑරම පීරයි - මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(PHOTOS)

ඉරානයේ ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

ඒ ජනාධිපති ඉබ්‍රහිම් රයිසි, එරට විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා ය.

මේ දෙය ගැන දැනුවත් ද?. වසා තැබීමක් ගැන ජනතාවට කළ දැනුම්දීම මෙන්න.

අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට එම යානය හදිසියේ ගොඩබා ඇත.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

මෙතෙක්, ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇති බව වාර්තා විය.

මේ වන විට ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් ක්‍රියාන්විතයට එක්ව සිටියි.

අද (19) ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන - අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව තිබුණේ ය.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී ඇත.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

කෙසේ වෙතත්, මේ වනවිට ඉරාන ජනතාව සිය ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා කිරීම ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය කඩන් වැටිලා - ඉරානයම හෙල්ලුන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE/PHOTOS/VIDEO) | Iranian President Ibrahim Raisi Is In Danger

ඉරාන ජනපති සහ ශ්‍රී ලංකා ජනපති අතින් උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ. - (VIDEO)

GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%