අවශ්‍ය නම් 18දා රෑ 12ට පෙර පමණයි. - 2024 අ.පො.ස උසස් පෙළ අයදුම්කරුවන්ට තවත් සුවිශේෂ දැනුම්දීමක්.

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රයන්හි යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් මේ මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12 ට පෙර සිදු කළ යුතු යැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අපේක්ෂකයන්ට දැනුම් දෙනවා.

ඒ, අනුව සියලුම සංශෝධන මාර්ගගතව සිදු කළ යුතු අතර ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන onlineexams.gov.lk වෙත යොමු කළ යුතු වෙනවා.

විදුහල්පතිවරුන් හෝ පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රයන්හි විෂය මාධ්‍ය හා නාම සංශෝධන මාර්ගගත ක්‍රමයෙන් සිදු කරගත හැකියි.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට VAT 0%? - නව රජයේ කරන්න යන දේ මෙන්න.

එක් අයදුම්කරුවකුට මෙම සංශෝධන සිදු කර ගැනීමට ලැබෙනුයේ එක් අවස්ථාවක් පමණක් වන අතර විභාගයේ විභාග මධ්‍යස්ථාන මාරු කිරීම් සිදු නොකරයි.

උසස් පෙළ විභාගය මේ මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වේ.

ඒ,එමෙන්ම මේ වනතෙක් තැපැල් මඟින් ප්‍රවේශ පත්‍ර නොලැබුණු හෝ ප්‍රවේශ පත්‍ර බාගත කර ගත නොහැකි වූ පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබා ගත් සහතික කළ ලිපියක් සමඟ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුය.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.

2024 අ.පො.ස උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. - දින දෙයි.