ළමයින් ළමා නිවාසගත සම්බන්දයෙන් එළියට ආ අලුත්ම වාර්තාව.

Government Of Sri Lanka
By Gagana Apr 19, 2024 01:55 PM GMT
Gagana

Gagana

Report

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ, ශ්‍රී ලංකාව පුරා ඇති ළමා නිවාස 354 තුළ මේ වනවිට ළමයින් 9,147ක් සිටින බව ය.

නමුත්, එය අනෙකුත් වසර හා සසඳා බලන කළ, ළමයින් ළමා නිවාසගත වීමේ අඩුවීමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය යටතේ කිසියම් අවස්ථාවක දී දරුවකු ළමා නිවාසගත කෙරෙන්නේ ඒ සඳහා ඇති අවසාන විකල්පය ලෙස බවත්, දරුවකු පවුලක් තුළ ඇති දැඩිවීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින්, පරිවාස නිලධාරීන් හැකි සෑම අවස්ථාවකදී ම දරුවාගේ ස්වාභාවික පවුල තුළ හෝ වෙනත් සුදුසු භාරකරුවකු යටතේ දරුවාට ඇති දැඩිවීමට අවස්ථාව සැලසීම සඳහා කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.