උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් - ප්‍රශ්ණ පත්‍ර ගැටලුව උණුසුම් වෙයි - පරීක්ෂණය CIDය අතට

Report

අම්බලන්තොට ප්‍රදේශයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක මෑතකදී සිදු වූ බව කියන ප්‍රශ්න පත්‍ර ගැටළුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සේනාරත්න මහතා මෙම ප්‍රකාශය කර තිබේ. අදාළ මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර බෑග් වෙන් කර ඇතත්, මේ දක්වා සිදු කරන ලද පරීක්ෂණවලින් කිසිදු ප්‍රශ්න පත්‍රයක් කාන්දු වී ඇති බවට තහවුරු වී නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ පොලිසිය මූලික පරීක්ෂණ පවත්වා ඇත.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

මෙම එක් සිදුවීමක් හැරුණු විට, අ.පො.ස. උසස් පෙළ විභාගයේ වෙනත් කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති අතර විභාග කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය ද අවධාරණය කරයි. එම නිසා සමාජ මාධ්‍ය හෝ වෙනත් අයුරින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඇය විභාග අපේක්ෂකයින්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි