මේ රාජ්‍ය සේවකයන් නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වෙයි

Report

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය දැනුම් දී ඇත්තේ ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

ඒ අනුව නැවත දැනුම්දෙනතුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේය.

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාවට විශේෂයි

එමෙන්ම මින් පෙරද ග්‍රාම නිලධාරීන් විසින් පසුගිය 10 සහ 11 යන දෙදින තුළ, ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාදිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද දීමනා ලබා ගැනීම, සෙනසුරාදා ඇතුළු රජයේ නිවාඩු දිනවල සිදුකරන සේවය වෙනුවෙන් දිනක වැටුප ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටියේය.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා පැවසුවේ අදාළ දෙදින වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා රජය විසින් කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සහ ඉල්ලීම් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට ග්‍රාම නිලධාරීන් තීරණය කළ බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - 20 වන දිනට පෙර ගෙවන්න නැත්නම් දඩ වැටෙයි

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "අපි තීරණය කරලා තියෙනවා සංගමයක් විදිහට අනෙකුත් සංගම්වලටත් අපි ආරාධනා කළා අද දින සිට සෙනසුරාදා කාර්යාල දිනවලින් ඉවත්වෙන්න. ඒ අනුව කිසිදු අමතර දීමනාවක් නොලබා අපේ නිවාඩු කැප කිරීමෙන් කරන ඒ කාර්යාල දිනය අපි ඉවත් කරනවා. ඒ වගේම එදාට අපි ක්ෂේත්‍ර රාජකාරි කරන්නේ නෑ. ඒ අනුව සෙනසුරාදා කාර්යාල දිනය අපි වර්ජනය කරනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් මින් ඉදිරියට නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින පමණයි වසමේ කාර්යාල තුළ රැඳී සිටින්නේ."