ග්‍රහ දෝෂය දුරු කරන්න ඇවිත් දරු පවුලම උස්සලා..
ගෙදර තිබෙන ග්‍රහ දෝෂය දුරු කරන්නට නිවෙසට පැමිණි දේවාලයක කට්ටඩියා බාල වයස්කාර දරු දෙදෙනා සමග ගිය පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙනවා.
නීත්‍යානුකූලව විවාහ වී වසර 15 කට අධික කාලයක් යුග දිවියේ පසු වූ බිරියක නිවෙසේ සිදුකළ යුතු ශාන්තියක් සඳහා පැමිණි කට්ටඩියා සමග නිමේෂයක් තුළ සම්බන්ධතාවක් ඇති කරගෙන බාල වයස්කාර දියණියක හා පුතා ද කැටුව නිවෙසින් පලාගොස් ඇත.
මෙම කට්ටඩියා ද විවාහක බිරියක හා දරුවන් සිටින පියෙකි. මෙම නිවෙස් හිමියා පවුලේ ආර්ථිකයේ ආදායම වැඩි කිරීම සඳහා කිරි එළ ගවයන් මිලදී ගෙන තම බිරියට රැක බලා ගන්නට බාර දී තිබෙන අතර නිවෙසේ තිබූ රන් ආභරණ හා කිරි ගවයන් තිදෙනාම විකුණා ඒවා ද මුදල් කරගෙන දරුවන් දෙදෙනාත් සමග සැමියා රාජකාරියේ නියැලී සිටින අතරවාරයේ පලා ගොස් ඇත.
නිවසේ කළ යුතුව තිබූ දෝෂයක් දුරු කිරීමට අවට ප්‍රදේශයක දේවාලයක කට්ටඩියා නිවෙසට ගෙනැවිත් සිදුකළ ශාන්තියක් හේතුවෙන් ඔවුන් අතරේ අනියම් සම්බන්ධතාවක් ඇතිවී තිබෙන බවට ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධව අදාළ පොලිසියට පැමිණිලිකර ඇත.
සැමියා කර තිබෙන පැමිණිල්ලට අනුව අනියම් සැමියා හා බිරිය ගෙනැවිත් පැමිණිල්ල විභාග කරන බවත් ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ලෙසට ඔවුන්ගේ ආරක්ෂාව නීත්‍යානුකූල බාරකාරත්වයකට පත්කළ යුතු ආකාරය සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |