සැමියා තැබූ වෙඩි පහරින් බිරිඳ මරුට

police ambilipitiya karadhamandhiya nava nagaraya
By Sewvandhi Sep 27, 2021 02:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පුද්ගලික් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (26) උදෑසන එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි නව නරගය, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල කාන්තාව ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (27) දිනයේ දී ඇඹිලිපිටිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now