ගුවනින් අශ්වයෙක් යයි.(VIDEO)

By krishani Jul 30, 2023 01:53 PM GMT
Report

දකුණු කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තයේ දී පය ලිස්සා වැටීමෙන් ආබාධයට ලක් වූ අශ්වයෙකු ගුවනින් රෝහලකට රැගෙන ගිය පුවතක් වාර්තා වේ.

ඒ 25 හැවිරිදි 'ඔබේ' නමැති අශ්වයා ය.

අනතුරින් පසුව සැන් ජුවාන් කැපිස්ට්‍රානෝ හි ඇවිදීමේ පහසුකම් සහිත ෂියා නම් වූ මධ්‍යස්ථානයට එම සත්ත්වයා රැගෙන ගොස් තිබෙනවා.

එම අශ්වයා ලිස්සා වැටෙන මොහොතේ සිය හිමිකරු සමඟ ඇවිද යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, අශ්වයාට ශක්තිමත් බඳ පටි සවි කර ඉතා සුරක්කෂිතව හෙලිකොප්ටර් යානයක් ආධාරයෙන් රැගෙන ගොස් තිබෙනවා.

විඩියෝ දර්ශන - Daily Watch Y-Tube Channel