පාසලක විදුහල්පතිවරයෙකුට සහ ගුරුවරියකට පහරදිමක් - ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරයි..
පාසලක විදුහල්පතිවරයකුට සහ එම පාසලේම සේවය කරන ගුරුවරියකට පහර දීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුලියාපිටිය පොලීසිය සඳහන් කළේ ය.
මෙසේ පහර කෑමට ලක් වී ඇත්තේ කුලියාපිටිය, වයඹ විශ්වාලෝක විද්‍යාලයේ විදුහල්පති සහ එම විදුහලේ ගුරුවරියක් වේ.
ඊයේ (11) දහවල් මෙම සිදුවීම සිදු වී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
කිසියම් හේතුවක් මත එම විදුලේ ඉගෙනුම ලබමින් සිටින සිසුවියකගේ බාප්පා සහ ඔහුගේ බිරිඳ විදුහල්පතිවරයා හමුවීමට පැමිණ තිබෙනවා.
එහිදී කතාබහ අතරතුර දී බාප්පා යන පුද්ගලයා විසින් විදුහල්පතිවරයාට ආරක්ෂිත හිස් වැසුමකින් පහර දී ඇත.
එයට මැදිහත් වූ ගුරුවරියට ද ඔහු විසින් පහර දී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ගුරුවරිය විසින් කුලියාපිටිය පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන කටයුතු කුලියාපිටිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.
