පොලිස් නිලධාරීන් පිරිසකට හදිසි ස්ථාන මාරු

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. ඒ. ඩී. කේ. එස්. පෙරේරා මහතා කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බවද වාර්තා වේ.

ලෝක දේශපාලනය උණුසුම් කරමින් බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්

ලෝක දේශපාලනය උණුසුම් කරමින් බිලියනයක් සල්ලි සහ ලස්සනම තරුණිය ඉල්ලා උගණ්ඩා හමුදා ප්‍රධානියාගෙන් තුර්කියට තර්ජනයක්

ඔහුගේ ස්ථාන මාරුවෙන් පුරප්පාඩු වූ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස එම කොට්ඨාසයේම සේවය කළ පොලිස් අධිකාරී ඩී. යූ. එල්. රත්නායක මහතා පත් කර තිබේ.

මීට අමතරව තවත් පොලිස් අධිකාරීවරයෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් කිහිපදෙනෙකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද වාර්තාවල සඳහන් වේ. 

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්

පුණ්‍ය කාලය ගැන දැනුම්දීමක්

පුණ්‍ය කාලය ගැන දැනුම්දීමක්