ආබාධිතයන්ට සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබාදීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

Report

 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.

ආබාධිතයන්ට සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ලබාදීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් | A General Driver S License For Disabled Sri Lanka

ආබාධිතයින්ට රියදුරු බලපත්‍ර දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අස්ථි, මස් පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහන පැදවිය හැකි නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.