ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට

Report

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ තැන් කිහිපයක ඉන්ධන කාන්දු වීමක් සිදුවී තිබේ. එම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදි රැසක් අනතුරට පත් වී ඇත.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ධාවනයවූ වාහනයකින් එම මාර්ගයේ ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයෙ දි මේ ලෙස ඉන්ධන කාන්දු වී නිසා පැවති වර්ශාවත් සමග මාර්ගය පුරා ඉන්ධන විසිරී ගොස් තිබේ.

අදත් ගිගුරුම් සහිත වැසි

අදත් ගිගුරුම් සහිත වැසි

එම නිසා එම මාර්ගයේ ගමන් ගත‍් යතුරුපැදි රැසක් ලිස්සා ගොස් අනතුරට පත් වීමෙන් එම යතුරුපැදිකරුවන් තුවාල ලබා ඇති බව එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් කියා සිටියි.

මස්කෙළියේ සිට නුවරඑලිය දක්වා අඹුසැමියන් යුවලක් ගමන් ගත් යතුරුපැදියක්ද එම තෙල් පැල්ලම අසලදී අනතුරට පත් වීමෙන් කාන්තාව දැඩි ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත (03) දින පස්වරුවේ ඇතුලත් කර ඇත.

පවතින වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය මාර්ගයේ විසිරී ඇති තෙල් පැල්ලමත් සමග එම ස්ථාන වලින් රථාවාහන ධාවනය කරන විට සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව

හදිසියේම ගම්පහ - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක බස් ධාවනය නවතී - මෙන්න හේතුව