රොකට්ටුවක කැබැල්ලක් ගමකට කඩා වැටිලා?.. ගම්මානයක් සලිත වුණ එම පුවත මෙන්න..(PHOTOS)

China Accident Latest Headlines Decision Making
By krishani Jun 25, 2024 05:25 PM GMT
krishani

krishani

Report

රොකට්ටුවකින් ඇද වැටුණු සැකකටයුතු යමක් හේතුවෙන් චීනයේ නිරිත දිග ප්‍රදේශයේ ගම්මානයක ජනතාව බියට පත් ව තිබෙනවා.

රොකට්ටුවක කැබැල්ලක් ගමකට කඩා වැටිලා?.. ගම්මානයක් සලිත වුණ එම පුවත මෙන්න..(PHOTOS) | A Fragment Of A Rocket Crashes Into In China

ඒ බව එරට මාධ්‍ය වාර්තා කළේ ය.

එලෙස කලබලයට පත් වූ ජනතාව මාර්ග පුරා දිවයන අයුරු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් වාර්තා කර තිබෙන ආකාරය ලෝකයේම කතා බහට ලක්ව තිබෙනවා.

එලෙස ඇද වැටී ඇත්තේ චීන රොකට්ටුවක සුන්බුන් බව එරට මාධ්‍ය සඳහන් කළේ ය.

එම කොටස් Long March 2C නමැති චීනය ඉකුත් සෙනසුරාදා අභ්‍යවකාශ ගත කළ රොකට්ටුවට අයත් බව ද එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එම මාධ්‍ය වාර්තා කරන පරිදි එම සැකකටයුතු සුන්බුන් ඇද වැටී ඇත්තේ සිචුවාන් මායිම් වන Guizhou පළාතේ Xianqiao ගම්මානයට වේ.

එහි වැසියන් තැඹිලි පැහැති එළියක් සමග ඇද වැටෙන යමක් නිරීක්ෂණය කරමින් සිට ඇත.

රොකට්ටුවක කැබැල්ලක් ගමකට කඩා වැටිලා?.. ගම්මානයක් සලිත වුණ එම පුවත මෙන්න..(PHOTOS) | A Fragment Of A Rocket Crashes Into In China

සමහරක් කඩා වැටීම අපේක්ෂාවෙන් කන් වසාගෙන සිටින බව ද ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් වූ වීඩියෝවල දැක් වේ.

එමෙන්ම, කුඩා දරුවන් ඇතුළු ගම්වැසියන් පලා යන අයුරු ද එහි දැක් වේ.

කෙසේ වෙතත්, ඊයේ (24) දහවල් වන විට චීන සමාජ මාධ්‍ය කිහිපයක් එම සිදුවීමට අදාළ වීඩියෝ කිහිපයක් ඉවත් කර තිබුණු බව ද වාර්තා වේ.