මන්ත්‍රීවරයෙක්ට අයත් මත්පැන් හලක් හදිසියේම මුද්‍රා තබයි..හේතුව මෙන්න.
By Aruna
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් බත්තරමුල්ලේ පිහිටි මත්පැන් හලකට මුද්‍රා තැබීමට සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ තීරු බදු නොගෙවන ලද විදේශීය මත්පැන් බෝතල් තොගයක් එහි තිබී හමුවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳ තොරතුරු සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබීමෙන් පසුව නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමේදී එහි තිබී විදේශීය මත්පැන් බෝතල සීයක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සුරා බදු කොමසාරිස් ජෙනාරුවරයා උපදෙස් ලබාදී ඇත්තේ, විමර්ශන අවසන් වන තෙක් මත්පැන් හලට මුද්‍රා තැබීමටයි.
You May Like This Video