ජනපති සිටි ස්ථානයට ඉහළින් ඩ්‍රෝනයක් යැවූ විදේශිකයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර ජනාධිපතිවරයා නරඹමින් සිටියදී, එහි ඉහළ අහසේ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (08) රාත්‍රී 9.00ට පමණ ජනාධිපතිවරයා මහමළුවේ විවෘත ස්ථානයක සිට පෙරහර නරඹමින් සිටි අවස්ථාවේ, එම ඩ්‍රෝන කැමරාව අහසේ සැරිසැරූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එය බිම හෙළීමට පියවර ගෙන තිබේ.
එම ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කළ බවට චෝදනා එල්ල වන පෘතුගීසි ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ඩ්‍රෝන කැමරාව භාවිතයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබාගෙන තිබේද යන්න පිළිබඳ විමර්ශන මේ වන විට සිදු කෙරෙමින් පවතී.