ලන්ඩන් ගුවන් තොටුපළේ ගින්නක්.

By Hashini Oct 11, 2023 07:45 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න මෝටර් රථයක් ගිනිගෙන එය මුළු රථ ගාල පුරා පැතිර තිබෙනවා.

මෙම ගින්නෙන් මෝටර් රථ 1200කට ආසන්න ප්‍රමාණයක් ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවා ඇති අතර පුද්ගලයන් 5ට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.