කාටත් හොරා රෑට රෑට ගෙට රිංගන දුවගේ පෙම්වතාව තාත්තා ඇඳ යටින් සොයා ගයි..

Boyfriend Maharagama gossip bed
By Sewvandhi Jan 12, 2022 06:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තම බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා රාත්‍රී කාලයේදී ඇයගේ කාමරයේ ඇඳ යට සැඟවී සිටියදී අතටම අල්ලා ගත් පියකු පිලිබදව පුවතක්‌ මහරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පෙම්වතාගේ වයස අවුරුදු 20 ක් වන අතර පෙම්වතියගේ වයස අවුරුදු 15 ක් බවයි පැවසෙන්නේ. 

පෙම්වතියගේ පියා මඟුල් ගෙදරක ගොස්‌ ගෙදර එන විට රාත්‍රි 12 පසු වී ඇති අතර සැක සහිත සෙරෙප්පු කුට්‌ටමක්‌ දොරකඩ ළඟ තිබී විපරම්කර බැලීමේදී දියණියගේ කාමරයේ ඇඳ යට සැඟවී සිටි පුද්ගලයාව හසුවී තිබෙනවා. 

දියණියගේ කාමරයේ ග්‍රිල් සවිකර නොමැති ජනේලයෙන් කිහිප අවස්‌ථාවක්‌ ඇයගේ කාමරයට රිංගා ගෙන ඇති පෙම්වතාව පසු දිනවල ගෙදර දොර ඇර ඇයගේ කාමරයට ගන්නා බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha