හෙට හරියටම 9.30ට.. - විශේෂ නියෝගයකින් කරන්න යන දෙය මෙන්න..

Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Latest Headlines
By krishani Jun 28, 2024 02:56 PM GMT
krishani

krishani

Report

හෙට (29) දිනයේ දී, අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 1208කට අධික තොගයක් විනාශ කිරීමට පියවර  ගන්නා බව සඳහන් වේ.

හෙට හරියටම 9.30ට.. - විශේෂ නියෝගයකින් කරන්න යන දෙය මෙන්න.. | A Drug Stash Will Destroy Tomorrow 29Th June 2024

ඒ බව පොලිස් මූලස්ථානය පැවසීය.

ඒ වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්ත පිහිටි අධිබල මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ උඳුන භාවිතයෙන් ය.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614යි ග්‍රෑම් 36ක්, කෙටමින් ම ත්ද්‍රව්‍ය කිලෝ 581යි ග්‍රෑම් 34ක්, හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 686ක් විනාශ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට උදෑසන 5.30ට කොළඹ මහාධිකරණයේ දී මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් බාර ගනී.

අනතුරුව පෙරවරු 9.30ට වනාතවිල්ලුව,ලැක්ටෝස් වත්ත පිහිටි අධිබල මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ උඳුන තුළ විනාශ කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, පුත්තලම මහේස්ත්‍රාත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙනු ඇත.