ගැටලු සාකච්ඡාවට අනිදා එන්නැයි අනධ්‍යයන සේවකයින්ට UGC පවසයි..
By Piyumika
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා අනිද්දා සාකච්ඡාවක් ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.
දීමනා වැඩි කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති 39 ක්, මැයි මස 1 වනදා ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්වඩ ක්‍රියාත්මක වන පසුබිමකයි මෙම සාකච්ඡාව ලබාදී තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සමඟ ද සාකච්ඡාවක් පැවැත්වූ අතර, එය අසාර්ථක වීමෙන් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණි .
මේ අතර විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත සඳහන් කළේ අනිද්දා සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් කොළඹට පැමිණ විරෝධතාවක නිරතවන බවයි.