දුම්රියෙන් බදුල්ලට ගිය 23 හැවිරිදි යුක්‍රේන තරුණියකට බිං ගෙය තුලදී සිදු වූ දේ..
කොළඹ සිට බදුල්ල බලා ඊයේ (15) පස්වරුවේ ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසිතුන් හැවිරිදි යුක්‍රේන ජාතික තරුණියක් ඔහිය - පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක ගැටී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ පුවතක් වර්තා වී ඇත.
ඔහිය - පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර, දහනම වැනි බිං ගෙයි ඇය ගැටීමෙන් පසු බිම ඇද වැටී බරපතල තුවාල ලබා ඇති අතර, අනතුරුව ඇය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට ප්‍රථිකාර සඳහා රැගෙන ගොස් ඇත .
පොලිසිය සඳහන් කළේ මීට සති දෙකකට පෙරද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විදේශික පුද්ගලයෙකු මේ ආසන්නයේම පිහිටි බිංගෙයක ගැටීමෙන් බරපතල අනතුරක් සිදුවූ බවයි.