මාර්ගගත තාක්ෂණය ඔස්සේ ජනපති සිදු කළ විශේෂ සාකච්ඡාව..

By Piyumika Oct 12, 2024 03:25 AM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මහ මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි ..

මහ මැතිවරණය හේතුවෙන් රාජ්‍ය සාහිත්‍ය උලෙළ තාවකාලිකව අවලංගු කරයි ..

ශ්‍රී ලංකාව සහ ජත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙහිදී අදහස් දක්වමින් සමන්තා පවර් මහත්මිය පවසා ඇත්තේ, රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර සමානතාවයක් පවතින බවය.

පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා ගැටුම අද..

පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා ගැටුම අද..

ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා පූර්ණ සහය ලබාදෙන බවඳ සමන්තා පවර් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයා හමුවේ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගය ඉහළ නැංවීම සඳහා කැපවන බවඳ සමන්තා පවර් මහත්මිය මෙහිදී පවසා ඇත.