නගරයක් බිය වද්දමින්, පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ පාර මැද

Report

අද (20) උදැසන,  වවුනියාව ත්රි කුණාමලය මාර්ගයේ කිලෝමීටර 10 කණුව ආසන්න ප්‍රදේශයේ මාර්ගයේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.

අනවය හදුනා නොගත් වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි, පොලිසිය පැවසූවේ.

පොලිසිය සැක පළ කරන්නේ, අදාළ පුද්ගලයාගේ මළ සිරුර මාර්ගය මධ්‍යයේ පැවති බවත්, මරණය කිසියම් රිය අනතුරක් හේතුවෙන් සිදුවන්නට ඇති බවත්ය.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කැබිතිගොල්ලෑව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිතය.

මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් කැබිතිගොල්ලෑව පොලිසිය වෙත දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Sponsored By Sarrita Jewellery

නගරයක් බිය වද්දමින්, පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහ පාර මැද | A Dead Body In The Middle Of The Road