කවදා ද ඒ?. වීසා ගන්න ඉන්න අයටයි මේ ආරංචිය - මොකක්ද දන්නව ද?.

Sri Lanka visa Harin Fernando Tourist Visa Latest Headlines Decision Making
By krishani May 01, 2024 06:18 PM GMT
krishani

krishani

Report

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

කවදා ද ඒ?. වීසා ගන්න ඉන්න අයටයි මේ ආරංචිය - මොකක්ද දන්නව ද?. | A Day To Solve The Problems Of The New Visa System

ඒ නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන විද්‍යුත් සංචාරක අවසර පද්ධතියෙන් ශ්‍රී ලංකාව මේ මස මැද භාගයේ දී IVS-GBS සහ VFS Global විසින් මෙහෙයවන නව ප්‍රවේශයක් හඳුන්වා දී ඇත.

ඔයත් 2007ට කලින් කෙනෙක් නම් වහාම ග්‍රාමසේවා නිළධාරීවරයාගෙන් මේ දේ විමසන්න..

ඔයත් 2007ට කලින් කෙනෙක් නම් වහාම ග්‍රාමසේවා නිළධාරීවරයාගෙන් මේ දේ විමසන්න..


මෙම නව ප්‍රවේශය යටතේ බහු ප්‍රවේශ වීසා බලපත්‍රයක් අමෙරිකානු ඩොලර් 75ක මිලකට හඳුන්වා දෙයි.

එමෙන්ම, එක් එක් රැඳී සිටීම උපරිම දින 60කට සීමාවී තිබෙන බව වාර්තා වේ. 

මෙහිදී අදහස් දැක් වූ සංචාරක අමාත්‍යවරයා පැවසුවේ වීසා ක්‍රමය වෙනස් කළ බැවින් ගැටලු කිහිපයක් පැන නැගී ඇති බවත් පුද්ගලික මට්ටමින් තමන් ඒ පිළිබඳව කලකිරීමෙන් පසුවන බවත් ය.

ඒ බැවින් කඩිනමින් එය විසඳීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

හෙටයි අනිද්දයි දිවයිනේ කරන්න යන දෙයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..

හෙටයි අනිද්දයි දිවයිනේ කරන්න යන දෙයක් ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..


තව ද, සංචාරකයින් සඳහා තනි ප්‍රවේශ වීසා විකල්පය අත්හැරීමේ තීරණය පිළිබඳව තම අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා නොගත් බව ද ඔහු සඳහන් කළේ ය.

මෙහිදී, කර්මාන්ත ඉල්ලීම මත දිගුකාලීන සංචාරක වීසා හඳුන්වා දී ඇති අතර, දින 30 ක තනි පිවිසුම් වීසා බලපත්‍රය අත්හැරීමේ යෝජනාවක් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේ ය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනවපු තහනම ක්‍රියාත්මකයි..

අද මධ්‍යම රාත්‍රියේ සිට ඒ පනවපු තහනම ක්‍රියාත්මකයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන මැයි තුන්වන සතියේ දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බැවින් පාර්ලිමේන්තුවේ ගැසට් නිවේදනයට අවශ්‍ය වෙනස්කම් සිදු කර මැයි මුල් සතිය අවසන් වන විට තාක්ෂණික දෝෂ නිවැරදි කිරීමට රජය කටයුතු කරන බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%