හබරාදූව දුම්රිය අනතුරින් පාසල් දරුවන් 10 දෙනෙකු රෝහලට - නවතම තත්ත්වය මෙන්න [UPDATE]
හබරාදූව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටී අද (25) දහවල් සිදුවූ අනතුරෙන් අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන පාසල් ළමුන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අධ්යාපන චාරිකාවක නිරත වූ කොට්ටාව ප්රදේශයේ උපකාරක පන්තියක ළමුන්, දෙමාපියන් සහ ගුරුවරුන් ඇතුළු 50කට අධික පිරිසක් රැගත් බස් රථයකි.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියේ අදාළ බස් රථයේ පසුපස කොටස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ දරුවන් 10 දෙනා ප්රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල සහ කළුගල රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, එය විදුලි ආලෝක සංඥා සහ සීනුව ආධාරයෙන් පමණක් ක්රියාත්මක වන දුම්රිය හරස් මාර්ගයක් බව හෙළිව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.