ගාල්ලෙන් ගොඩබිමට රැගෙන ආ ඉරාන නාවිකයන් 40 දෙනා ප්‍රතිකාරවලින් පසු යළි මව්රටට

Report

ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් නාවික සැතැපුම් 24කට පමණ දුරින් වාණිජ නෞකාවල රැඳී සිටි ඉරාන ජාතික නාවිකයන් 40 දෙනෙකු පමණ ගාල්ල වරාය හරහා රට තුළට රැගෙන ඒමට කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම නාවිකයන්ගෙන් ලැබුණු හදිසි සෞඛ්‍ය ආධාර ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක කළ විශේෂ මානුෂීය මෙහෙයුමක් ඔස්සේ මොවුන් මෙලෙස ගොඩබිමට රැගෙනවිත් තිබේ.

මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට

මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට

මෙම මෙහෙයුම කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය මගින් සංවිධානය කර ඊට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.

ගොඩබිමට පැමිණීමෙන් අනතුරුව අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් එම ඉරාන නාවිකයන් පිරිස නැවතත් සිය මව් රට බලා පිටත්ව ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න