විහාරමහාදේවි සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි - ඥානසාර හිමි නිදහස් කරගැනීමට මහනා හිමිවරුන් මැදිහත් වෙයි
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්රෛනිකායික මහා නායක හිමිවරුන් මැදිහත්වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ සිදුකළ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් පවසති.
සත්යග්රහයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ මාධ්ය වෙත විශේෂ ප්රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මහා නායක හිමිවරුන්ගේ මැදිහත්වීම සහ ලබාදුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.