දුම්රියේ යන මේ අයට විශේෂ දැනුම්දීමක් - මේ දුම්රිය ධාවනය වහාම අත්හිටුවයි
By Mithu
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන, පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය ගමනාගමන අධිකාරී G.D.A. සමරසිංහ මහතා සඳහන් කළේ, මාර්ග ආරක්ෂාව තහවුරු කෙරෙන තෙක් අදාළ මාර්ග කොටසේ දුම්රිය ගමනාගමනය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
පවතින අධික වැසි සහිත තත්ත්වය හමුවේ දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීමේ සහ ගස් කඩා වැටීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.