දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් විවෘතයි - පහත්බිම් වාසීන්ට දැනුම්දීමක්

Report

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම ජලාශයෙන් දැදුරු ඔයට නිකුත් වන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 5300ක් වන බව සඳහන්ය.

දැදුරු ඔය ජලාශයේ ධාරා ප්‍රදේශයට අද (25) දිනය පුරා වර්ෂාව ලැබුණු බවත් මේ වන විට ජලාශයේ ජල මට්ටම වැඩි වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් දැදුරු ඔය ජලාශයට පහළින් ඒ ආශ්‍රීතව පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට

මුළු හබරාදූවම සලිත කරමින් දැවැන්ත දුම්රිය අනතුරක් - පුද්ගයන් රැසක් රෝහලට