විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහය නිමා වීමත් සමඟ ඉදි කර තිබූ අට්ටාලය ගලවයි

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දින 10ක් පුරා පැවැත්වූ සත්‍යග්‍රහය අද (25) පස්වරුවේ තාවකාලිකව අවසන් කෙරුණු අතර, එහි අටවා තිබූ අට්ටාලද ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ලිඛිතව සිදුකළ දැනුම්දීමකට අනුව මෙම සත්‍යග්‍රහය මෙලෙස තාවකාලිකව අවසන් කර ඇත.

විහාරමහාදේවි සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි - ඥානසාර හිමි නිදහස් කරගැනීමට මහනා හිමිවරුන් මැදිහත් වෙයි

විහාරමහාදේවි සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි - ඥානසාර හිමි නිදහස් කරගැනීමට මහනා හිමිවරුන් මැදිහත් වෙයි

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් ඔක්තෝබර් 10 වනදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, එම පාගමන පසුගිය 16 වනදා කොළඹට ළඟා විය.

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

පැය 24ක් යනතුරු මුළු ලංකාවටම දරුණු අනතුරු ඇගවීමක් - මේ ප්‍රදේශවල වෙන්න යන දේ මෙන්න

අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා, අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව විහාරමහාදේවි උද්‍යානය වෙත වැඩම කර මෙලෙස දින 10ක් පුරා සත්‍යග්‍රහයේ නිරත වූහ.