ඉන්දියානු මහකොමසාරිස් සහ අමාත්ය ලාල් කාන්ත අතර විශේෂ හමුවක්
By Mithu
ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, භූ හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර දේශපාලනික කරුණු, කෘෂිකාර්මික අංශයේ නවෝත්පාදන මෙන්ම වත්මන් ජාත්යන්තර භූ-දේශපාලනික වර්ධනයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා වී ඇත.
එමෙන්ම, දෙරට අතර අන්යෝන්ය වශයෙන් වැදගත් වන ප්රධාන ක්ෂේත්ර කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.