අඹු සැමි යුවළක් පුද්ගලයෙක් ඝාතනය කරයි.

Sri Lanka Police Crime Murder
By Gagana Apr 19, 2024 02:07 PM GMT
Gagana

Gagana

Report

ධීවර කටයුතු සඳහා අරලගංවිල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ, එහිදී මියගිය පුද්ගලයා අඹුසැමි යුවළක් සමඟ සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදී ඇති වූ ආරවුලක් මත හබලකින් පහර දී ඝාතනය කර ඇති බව අරලගංවිල පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 41 ක පමණ මුල්ගල යාය 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 67 ක පුද්ගලයකු සහ අවුරුදු 47 ක අඹු සැමි යුවළ සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.