ඝාතනය කිරීමේ කොන්ත්රාත්තුව මිතුරෙකුට ලැබුණු නිසා ජිවිතේ බේරුණු බුහාරි..

Sri Lanka Police Trincomalee Sri Lanka
By Piyumika Sep 15, 2024 05:41 AM GMT
Piyumika

Piyumika

Report

ත්‍රිකුණාමලය දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළව එම නඩුවේ විත්තිකාරිනිය විසින් නඩුවේ පැමිණිළිකරු ඝාතනය කිරීම් සඳහා රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පුල්මුඩේ පොලිසිය පැවසීය.

එම ස්ථානයේදීම පොලිස් නිලධාරියකුට දිවි අහිමි කල මාරක අනතුර..

එම ස්ථානයේදීම පොලිස් නිලධාරියකුට දිවි අහිමි කල මාරක අනතුර..

මෙම ඉඩම් නඩුවේ පැමිණිලිකරු වන පුල්මුඩේ, නුරානියා නගර්, පදිංචි ජෙයිනුලාබ්දින් බුහාරී යන අය මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව පුල්මුඩේ පොලිසිය මෙසේ විමර්ශනයක් ආරම්භ කර තිබේ . විත්තිකාර කාන්තාව තමන් ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවක් දී ඝාතනය කිරීමෙන් පසු අදාළ ලක්ෂ පනහක මුදල ලබාදීමට කොන්ත්‍රාත්තුව පැවරූ පුද්ගලයා තමන්ගේ මිතුරෙක් වන බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මිතුරා තමාට මෙම හෙළිදරව්ව කල බව බුහාරි නැමැති අය කල පොලිසියට කල පැමිණිල්ලේ සඳහන්වේ .

මේ දවස් වල සමාජ මධ්‍ය වල වැඩියෙන් කතා වෙන අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..(VIDEO/PHOTOS)

මේ දවස් වල සමාජ මධ්‍ය වල වැඩියෙන් කතා වෙන අගමැති මෝදි කරන වැඩේ බලන්නකෝ ..(VIDEO/PHOTOS)

මෙම ඉඩම් නඩුව ලබන විසිවෙනිදා ත්‍රිකුණාමල දිසා අධිකරණයේ විභාගවීමට නියමිතය. පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .