කව්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පත් කල නව උපදේශක පුහුණුකරු..

By Piyumika Nov 12, 2024 09:31 AM GMT
Report

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නෑ කියලා ගෙනාවේ..එහෙම එකේ ඔහේව ලේසියෙන් අතඅරියි කියලා හිතුවද..

මැස්සෙක්ටවත් වහන්න දෙන්නේ නෑ කියලා ගෙනාවේ..එහෙම එකේ ඔහේව ලේසියෙන් අතඅරියි කියලා හිතුවද..

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් සමග කටයුතු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් පූර්ව තරගාවලි පුහුණුවකට ඊයේ (11) රාත්‍රීයේ දකුණු අප්‍රිකාව බලා පිටත් වී තිබුණි.

සිගිත්තන් දෙදෙනාවත් කැටුව ඡන්ද නිවාඩුවට ගෙදර යන්නයි ගියේ..ඒත් අවසානේ අත් වූ අවාසනාවන්ත ඉරණම..

සිගිත්තන් දෙදෙනාවත් කැටුව ඡන්ද නිවාඩුවට ගෙදර යන්නයි ගියේ..ඒත් අවසානේ අත් වූ අවාසනාවන්ත ඉරණම..

එම ක්‍රීඩකයින් වන්නේ, ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 27 වනදා ඩර්බන් හිදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 05 වනදා ආරම්භ වෙයි.

Gallery