අනිත් පක්ෂ අදාළ නෑ - රටම කලඹමින්, හිටපු ජනපති නැවතත් බලයට.. (PHOTOS)

Report

මේ වන විට ජනාධිපතිවරණයේ, පාර්ලිමේන්තු මැතිවරණයේ සහ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දකුණු අප්‍රිකාවේ නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනිත් පක්ෂ අදාළ නෑ - රටම කලඹමින්, හිටපු ජනපති නැවතත් බලයට.. (PHOTOS) | A Coalition Government From Jacob Zuma

එහිදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි වී නොමැති බව සඳහන් වේ.

ඒ අනුව හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අලුතින් පිහිට වූ එම්.කේ. පක්ෂය සඳහන් කර ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවයි.

එහිදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයට දිනා ගැනීමට හැකි වූයේ සියයට 41ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වේ.

ඒ මැතිවරණ ප්‍රතිඵලවලින් සියයට 50කට වඩා නිකුත් වන විටයි.

අනිත් පක්ෂ අදාළ නෑ - රටම කලඹමින්, හිටපු ජනපති නැවතත් බලයට.. (PHOTOS) | A Coalition Government From Jacob Zuma

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවැනි ස්ථානයට පත් වූයේ සියයට 21 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් ය.

එමෙන්ම, 13%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එම්.කේ. පක්ෂය පසු වූයේ තෙවැනි ස්ථානයේ වේ. 

කෙසේ වෙතත්, තමන්ට හිතවත් පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමටත්, යළි දකුණු අප්‍රිකාවේ ජනාපධිති ධුරයට පත් වීමටත් සූමා සූදානමින් පසුවන බවත් හිටපු ජනාධිපති ජේකොබ් සූමා සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.