මොකක්ද මේ අලුත් ආණ්ඩුවේ ජනපති සහ අගමැති අතර මත ගැටුම..(VIDEO)

Report

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාවතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර මතගැටුමක් නිර්මාණයවී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ඒක දැන් රැල්ලක් වගේ. එක එක තැන වලින් මතු වෙන අමුතු වාහන..

ඒක දැන් රැල්ලක් වගේ. එක එක තැන වලින් මතු වෙන අමුතු වාහන..

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ, අදාළ පුවත පදනම් විරහිත සහ නොමඟ යවන සුළු එකක් බවයි.

අදාළ තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය කපිල සෙනවිරත්න මහතාගේ පත්කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ පූර්ණ උපදේශනය සහ එකඟත්වය මත සිදු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ඩිෆෙන්ඩර් රථයේ තිබුන දේ බලන්නකෝ ..ලේකම්ගේ සිද්ධිය ඉවර උනා විතරයි තවත් එකක්..ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්..

ඩිෆෙන්ඩර් රථයේ තිබුන දේ බලන්නකෝ ..ලේකම්ගේ සිද්ධිය ඉවර උනා විතරයි තවත් එකක්..ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක්..

මේ සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ, අදාළ මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

“කවුද එහෙම කියන්නේ? දැන් තමයි මම එහෙම එකක් ඇහුවේ.ඔය හිතාමතා දාන ප්‍රවෘත්ති. මාළිමාව අපි එකට.”