විශේෂ වැටලීමකින් චීන ජාතිකයකු අත්අඩංගුවට
By Mithu
තීරු බදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 600ක තොගයක් ළඟ තබාගෙන සිටි විදේශිකයෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත රොටුන්ඩා උද්‍යානය පෙදෙසේදී සිදු කළ විශේෂ වැටලීමකදී මෙම දුම්වැටි තොගය සොයා ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වන චීන ජාතිකයෙකි. කොල්ලුපිටිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.