මහින්දගෙන් බලය ගැන ලොකු සැලැස්මක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ, නව වසරේදී බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් තිබෙන බවත්, දේශපාලනයේ වෙනසක් සිදුවන බවත්, ඒ සඳහා තම පක්ෂය සුදානම් බවත්ය.
අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු නැවත ආරම්භ කෙරුණේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. මෙම අවස්ථාවට පක්ෂයේ හිටපු සහ වත්මන් මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ ක්‍රියාකාරීන් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, තමාට අලුත් අවුරුද්ද ජය වුවත්, ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරුවේ නැති බවයි.
මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින්, තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදු නොකර ආගමික කටයුතුවල නිරත වන බව ද ඔහු සඳහන් කළේය.