මාළුවෙක් සොරකම් කළ පූස් තඩියෙක් අත්අඩංගුවට. - මේක ඇත්තක්. - බොරු නම් මේ වයිරල් වුන Video එක බලන්නකෝ. - (VIDEO)

By Wayomi Dec 20, 2024 06:34 AM GMT
Report

මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන බව ඕස්ට්‍රේලියාවේ සෙවන් නිවුස් පුවත් සේවය වාර්තා කරනවා.

ගාල් කර තිබූ යතුරු පැදියක එල්ලා තිබූ බෑගයක් ඉරා පූස් තඩියා මාළු කූරියා සොරා ගන්නා අයුරු ඉදිරියේ තිබූ CCTV කැමරාවක සටහන් වී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ තායිලන්ත පොලිසිය පසුව පූස් තඩියා අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් අදාල පුවත්පත් වාර්තා වල සඳහන්.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.

කෙසේ වෙතත් පූස් තඩියා පොලිසියට රැගෙන යන අවස්ථාවේ කටේ මාළු කූරියා නොසිටි බවත් මාළුවකු සොරකම් කළ පුසකු පොලිසියට රැගෙන යාම පොලිස් සේවයට කළ නිගාවක් බවත් මෙම සොරකම පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිදුව ඇති බවද එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

එම වීඩියෝව සෙවන් නිවුස් පුවත් සේවය ඔවුන්ගේ ටික්ටොක් ගිණුමටද පෙරේදා(18) උඩුගත කර තිබූ අතර දිනක් තුළ එම වීඩියෝව මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා තිබිණි. මෙම වීඩියෝව ඔක්තෝබර් මස අවසන් සතියේ සිට විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන බවත් එහි නැරඹුම් වාර ගණන මේ වනවිට ලක්ෂ 100 පසුකර ඇති බවත් පැවැසෙයි.     

රන් මිල හිතාගන්නවත් බැරි විදිහට සීඝ්‍ර ලෙස පහළට. - අඩු වූ නව මිල ගණන් මෙන්න.

රන් මිල හිතාගන්නවත් බැරි විදිහට සීඝ්‍ර ලෙස පහළට. - අඩු වූ නව මිල ගණන් මෙන්න.





You May Like This Video