තරුණයින් තිදෙනෙක් එකතු වෙලා තරුණියක්ව බරපතළව සමූහ දූෂණය කරලා - ජංගම දුරකථනයෙන් වීඩියෝත් කරලා.. ප්‍රධාන සැකකරු ගැන විමර්ශනවල දී හෙළි වූ දේ..

Sri Lanka Police Sri Lanka Sexual harassment Sri Lanka Police Investigation
By krishani Oct 15, 2023 05:05 AM GMT
krishani

krishani

Report

වයස අවුරුද 17 ක තරුණියක්ව මන්නාරම මහා මාර්ගයක පිහිටි ගරාජයකට රැගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

ඊයේ (14) ඒ සම්බන්ධයෙන් තරුණයින් තුන් දෙනෙකු මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින.

මෙම තරුණයින් තිදෙනා පසුගිය 12 වෙනිදා මාරුවෙන් මාරුවට දැරිය දුෂණය කර ඇත.

ඒ අවස්ථාවේ දී එම දර්ශන ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කිරීමක් හා ඡායාරූප ගැනීමක් ද සිදු කර තිබෙනවා.

ඒවා එම තරුණයිගේ ජංගම දුරකථනවල තිබී පොලීසිය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී හමු වී ඇත.

එම තරුණයින් තුන් දෙනා මන්නාරමේ පෙරියකාමම්  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වේ.

ඔවුන් වයස අවුරුදු 17,18 හා 23 යන වයස් වලට අයත් තරුණයින් වේ.

ඉන් ප්‍රධාන සැකකරු ගරාජයක සේවය කරන වයස අවුරුදු 23 ක තරුණයෙක් වේ.

ඔහු කීප වරක්ම තරුණිය දූෂණයට ලක් කොට තරුණිය ළග තිබූ රුපියල් 2000ක මුදලක් ද කොල්ල කා ඇති බව අණාවරනය විය.

බරපතල ලෙස සමූහ දූෂණයකට ලක් වූ තරුණිය ප්‍රතිකාර සදහා මන්නාරම රෝහලට ඇතුළත් කොට ඇත.

කෙසේ වෙතත්, තරුණිය තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට මන්නාරම පොලිසිය විසින් කටයුතු කර ඇත.

ReeCha