හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ එරෙහි නඩුවකට දින නියම වෙයි.
By Wayomi
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර කරනු ලැබුවා.
ඒ, අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් වෙනුවෙන්.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
අදාල පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්තට මේ වන විට මියගොස් සිටින බැවින් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ඒවා ලබන 02 වනදා කැඳවන ලෙස අධිකරණය මෙලෙස නියෝග කර ඇත.