දකුණු මෙක්සිකෝවේ රිය අනතුරක්.

By Hashini Oct 02, 2023 04:23 AM GMT
Report

දකුණු මෙක්සිකානු ප්‍රාන්තයේ චියාපාස් හි අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින්න් සංක්‍රමණිකයන් 10 දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භාණ්ඩ ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර සංක්‍රමණිකයින් පිරිසක් එහි රහසිගතව ගමන් කර ඇති බවයි.

අනතුරින් තවත් සංක්‍රමණික පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ අනතුරින් මියගිය සංක්‍රමණිකයන්ගෙන් බහුතරය කාන්තාවන් බවයි.