රුපියලක් අඩු වී කොන්දොස්තරවරයෙකු මගියෙකුට පහරදෙයි - මෙරටින් ඇසෙන් සංවේදී පුවත
By Sewvandhi
නියමිත ගාස්තුවට වඩා රුපියලක් අඩුවෙන් මුදල් ලබාදීම හේතුවෙන් කෝප වූ බස් කොන්දොස්තරවරයෙකු 72 හැවිරිදි වකුගඩු රෝගියෙකුට පහරදුන් පුවතක් පොලොන්නරුවෙන් වාර්තා වනවා.
අදාළ පුද්ගලයා මේ වනවිට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පොළොන්නරුව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයෙකුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.
පහරදීම සිදුවන අයුරු බස් රථයේ සිටි තරුණයෙකු විසින් වීඩියෝගත කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |