අවමඟුලකින් කොරෝනා පොකුරක් පැතිර යයි..
පොළොන්නරුව ලංකාපුර පුලස්තිගම ප්‍රදේශයේ පැවත්වූ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් අතරින් එක් අයකු කොරෝනා ආසාදිතයකු වූ පසු ඒ ආශ්‍රිත පවුල් කීපයක් නිරෝධායනයට ලක් කර තිබේ.
ඔවුන්ට කළ පීසීආර් පරීක්ෂණවලින් පසු මේ වන විට 16 දෙනකු ආසාදිතයන් බවට හඳුනා ඇත.
එම කාර්යාලයේ නිලධාරීන් පවසන පරිදි පුලස්තිගම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ ග්‍රාම නිලධාරී විසින් අදාළ නිවසේ අයට සහ අවමංගල්‍යාධාර සමිතියේ සභාපතිවරයා වෙත පවතින සෞඛ්‍ය උපදෙස් පැහැදිලි කර දී ඇතත් ඔවුන් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත.
මෙම ආසාදිතයන් අතර එම අවමංගල්‍යයට අදාළ ආගමික කටයුතුවලට වැඩම කරවූ ස්වාමීන් වහන්සේ නමකට ද කොරෝනා ආසාදනය වී ඇතැයි පැවසූ ඔවුහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩ වර්ජනය නිසා පස් වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පරීක්ෂණ කටයුතු ද අවලංගු කිරීමට සිදුවූ බව ප්‍රකාශ කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |